Mon - 23 December 2024

පාඨලී ටෙලිෆෝනය උස්සයි?

දැඩි ආගම් සහ ජාති වාදියෙකු වශයෙන් දේශපාලනයට පැමිණි පාඨලී චම්පික රණවක හෙළ උරුමයෙන් රිංගාගෙන පසුගිය පැවති සියලුම ආණ්ඩුවල සාමාජිකයකු වී නැව ගිලෙන විට එළියට පණින මීය කුසේ ආණ්ඩු පිරිහීගෙන යන විට විවිධ ප්‍රගතිශීලී නම් වලින් කණ්ඩායම් හදාගෙන තමාට සෙවණ වූ තැන විවේචනය කරමින් අත පිහිදා ගනී.
පාටලීගේ එකම සිහිනය ජාතික නායකයකු වශයෙන් පවතින ආණ්ඩුවක අගමැති හෝ ජනාධිපති තනතුර දක්වා ගමන් කිරීමයි.
අනුප්‍රාප්තික ජනාධිපති රනිල්ගේ ආණ්ඩුවේ අගමැති තනතුර ඉල්ලමින් රනිල් පසුපස ගියද පාඨලී ගේ අවසාන ඉලක්කය හඳුනන රනිල් ඒ සඳහා ඉඟියකින් හෝ ආරාධනයක් ලබා දුන්නේ නැත.
තමාගේ දෑත් පිරිසිදු යැයි කීවද රාජ්‍ය ත්‍රස්තවාදය පතුරවමින් තමාගේ බලය අයුතු ලෙස පාවිච්චි කරමින් සිදුකළ අකටයුතුකම් දේශපාලන ඝාතන වැනි භයානක චෝදනා සඳහා සැකකිරීම් ද පාඨලී  වෙත සෘජුවම එල්ලවෙමින් තිබිණි.
ඒ කෙසේ වෙතත් තමාගේ ජනාධිපති හෝ අගමැති වීමේ සිහින ඉලක්කය සඳහා ළඟාවීමේ පහසුම මාර්ගය වශයෙන් ඔහු මේ වන විට හඳුනාගෙන නැවතත් ස.ජ.බ.ට එක්වී තමාට අභියෝගයක් විය හැකි ස.ජ.බ. ජ්‍යෙෂ්ඨයන් කපා දමා පැන්ටසියක ජීවත් වෙන දුර්වලයකු වූ සජිත් වෙත ලංවී සජිත්ට ලබාගත හැකි බලය තමාට හරවා ගැනීමයි.
ඒ සඳහා වූ පාඨලී ගේ ඉදිරි සැලසුම් දිනෙන් දින අපට දැක ගත හැකි වේ.

Related Post