ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා නියෝජ්‍ය මහකොමසාරිස්වරිය වශයෙන් 2015-2018 වර්ෂ වල කටයුතු කරන ලද හිමාලී සුභාෂිනී ද සිල්වා අරුණතිලක එම අවධියේ ප්‍රියංකා ධනරත්න නමැති ශ්‍රී ලාංකික කතක්, ඇයගේ නිල නිවාසයේ ගෘහ සේවිකාව වශයෙන් රැගෙන ගොස් ඇත.
ඒ අනුව එලෙස ගෘහ සේවයට රැගෙන ගිය ප්‍රියංකා ධනරත්න මහත්මිය වසර තුනක් සතියකට දින හතක් වැඩ කළ අතර, එම මුළු කාලය තුළම ඇයට ලැබී ඇත්තේ දින දෙකක් නිවාඩු පමණක් බවත් එම නිවාඩුව ද ලැබී ඇත්තේ ආහාර පිළියෙළ කිරීමේදී ඇගේ අත පිළිස්සීම නිසා බවත් ඇය වෙනුවෙන් පෙනී සිටි නීති නිලධාරි ඩේවිඩ් හිලාඩ් මහතා අධිකරණයට සැකයකින් තොරව කරුණු වාර්තා කර තිබිණ.
එම වසර තුන තුළ ඇයගේ වැඩ සඳහා ඇයට ගෙවා ඇත්තේ ඩොලර් 11,212 ක් පමණි. එනම් ඇය පැයකට ඩොලර් ශත 65 ක මුදලකට වසර තුනක් නොනවත්වා වැඩ කළ බවත් අධිකරණයට වාර්තා කෙරිණ.
ඇයට එතරම් අඩු වැටුප් ලබමින් අඛණ්ඩව වැඩි පැය ගණනක් වැඩ කිරීම නිසා ඇයගේ රැකියාව ඕස්ට්‍රේලියානු රැකියා නීති උල්ලංඝනය කිරීමක් බව එරට නීති නිලධාරි හිලාඩ් මහතා අධිකරණය හමුවේ කරුණු දැක්වීය. ඇයට විවේකයක් ලබා නොදීම, අතිකාල හෝ දඩ මුදල් නොගෙවීම, නිතිපතා නොගෙවීම හෝ වැටුප් පත්‍රිකා නිකුත් නොකිරීම යන මේ සියල්ල Fairwork පනත උල්ලංඝනය කිරීමක් බව අධිකරණයේදී තහවුරු විය.
මෙහි බරපතල කරුණ නම් මෙම නඩු තීන්දුව ලැබෙන විට හිමාලී සුභාෂිනී ද සිල්වා අරුණතිලක ජිනීවාහි එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත වශයෙන් කටයුතු කිරීමයි. මානව හිමිකම් කඩකර සේවක වැටුප් සූරා කෑ නිලධාරිනිය මානව හිමිකම් සුරක්ෂිත කරන ජිනීවාහි එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ සේවය කිරීම ශ්‍රී ලංකාවේ තානාපති සේවයේ හෙළුව නිරුවතට හෙළිදරව් වීමකි.
හිමාලී සුභාෂිනී ද සිල්වා අරුණතිලක විසින් රාජ්‍යත්‍රාන්ත්‍රික මුක්තියට සැඟවී කරන ලද මේ අපරාධය සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාවේ මාධ්‍ය මගින් කරුණු හෙළිකර වාර්තා කර තිබිණ.
ඔස්ට්‍රේලියාවේ සේවය කරන අතරතුර රාජ්‍ය තාන්ත්‍රිකයින්ට පුළුල් පරාසයක වරප්‍රසාද සහ මුක්තිය ලැබේ. මෙම හිමිකම් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිළිබඳ වියානා සම්මුතිය මගින් ආවරණය වන අතර එමඟින් රාජ්‍ය තාන්ත්‍රිකයින්ට බාධාවකින් තොරව විදේශ රටක තම කටයුතු කරගෙන යාමට හැකි වේ.
මෙම වරප්‍රසාදවලට සෝදිසි කිරීම්, අත් අඩංගුවට ගැනීම්, නඩු පැවරීම් හෝ සාක්ෂි ලබාදීමෙන් වැළකීමට පවා මුක්තිය ඇතුළත් වේ.
කෙසේ වෙතත් රාජ්‍යතාන්ත්‍රික මුක්තිය යටතේ හිමාලි අරුණතිලක විසින් ධනරත්න නැමති කාන්තාවට සැලකීම සම්බන්ධ නඩුව හා දඩමුදල සම්බන්ධයෙන් නිදහස් නොවන බව වාර්තා කර ඇත.
විවිධ දේශපාලන බලවතුන්ගේ දේශපාලන අවශ්‍යතා මත මෙම තනතුරු තීරණය වන අතර බහුතරයක් රාජ්‍යතාන්ත්‍රික සේවයේ යෙදී සිටින රාජ්‍යතාන්ත්‍රිකයින් තම රාජකාරියට වඩා සිදුකරනු ලබන්නේ එම වරප්‍රසාද භුක්ති විඳිමින් දේශපාලන ගැත්තෙක් වශයෙන් තමන්ට ලැබුණු අවස්ථාව ප්‍රයෝජනයට ගැනීමයි.
වත්මන් විදේශ ඇමතිතුමාගේ සිට පසුගිය වකවානුවල සිටි විදේශ ඇමතිවරුන්ද විවිධ දේශපාලන බලපුළුවන්කාර දේශපාලනඥයෝද තමාගේ දේශපාලන ගැත්තන්ට ලබා දෙන අපූරු තෑග්ගකි අපේ රටේ තානාපති සේවය සඳහා සිදු කරනු ලබන පත්වීම්.
එනිසා දිනෙන් දින ඉහළ යන රාජ්‍යතාන්ත්‍රික සේවයෙන් ඇසෙන කළු පැල්ලම් මකාගැනීමට නම් වහ වහා රාජ්‍ය තාන්ත්‍රික සේවය ප්‍රතිශෝධනය කර නැවත එම පත්වීම් ලබාදීමේ සුදුසු ක්‍රමවේදයක් විනිවිද භාවයෙන් යුතුව ඇති කිරීම කළ යුතුය. එතුළින් ජාත්‍යන්තර වශයෙන් අපේ රට පිළිබඳව යහපත් ප්‍රතිරූපයක් ඇතිකිරීමටත් ජාත්‍යන්තරයේ ගෞරවය හා විශ්වාසයට භාජනය වීමටත් හේතුවේ.