Mon - 23 December 2024

අපේක්ෂකත්වය විකුණූ ලේකම් ඇතුළු පිරිස අල්ලස් දැලේ / Party secretary and those involved in selling candidatures are caught in the bribery net

සිය පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ධුරය ලබාදීම සඳහා රුපියල් කෝටි 03ක අල්ලස් මුදලක් ලබා ගැනීමට උත්සාහ කළ එක්සත් ලංකා පොදුජන පක්ෂයේ ලේකම් ඇතුළු නිලධාරීන් පිරිසක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් අද (14) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ එම පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකයා ලෙස අද පෙරවරුවේ ඇප මුදල් තැන්පත් කළ මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහතා සිදුකළ පැමිණිල්ලකට අනුවය.

ඒ අනුව අල්ලස් කොමිසමේ නිලධාරීන්ගේ උපදෙස් මත ජනක රත්නායක මහතා ඒ පක්ෂයේ අපේක්ෂකත්වය පිරිනැමීම සඳහා ලබාදෙන ලෙස පැවසූ රුපියල් කෝටි 03ක මුදලක් ද සමගින් අද පස්වරුවේ රාජගිරියේ පිහිටි වැලිකඩ ප්ලාසා වෙළෙඳ සංකීර්ණය වෙත පැමිණ තිබුණි. 

ඒ අනුව වෙළඳ සංකීර්ණයේ ඉහළ මාලයේ පිහිටි කාර්යාලයක් තුළදී ජනක රත්නායක මහතාට එක්සත් ලංකා පොදුජන පක්ෂයේ ලේකම් සරත්චන්ද්‍ර වීරවර්ධන මහතා ඇතුළු පක්ෂයේ සාමාජිකයින් පිරිසක් හමුවී තිබේ.

එහිදී අදාල මුදල ඔවුන් වෙත ලබාදීමත් සමග ක්‍රියාත්මක වූ අල්ලස් කොමිසමේ නිලධාරීන් පක්ෂයේ ලේකම්වරයා වන සරත්චන්ද්‍ර වීරවර්ධන ඇතුළු පක්ෂයේ සාමාජිකයන් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට පත් පිරිස අතර එම පක්ෂයෙන් 2015 වර්ෂයේ දී ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ රුවන්තිලක පේදුරුආරච්චි නැමැත්තා ද සිටි බව පැවසෙයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් පිරිස හෙට (15) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපතිවරයෙකු ලෙස කටයුතු කළ ජනක රත්නායක මහතා අද පෙරවරුවේ ඇප තැන්පත් කරනු ලැබුවේ ද එක්සත් ලංකා පොදුජන පක්ෂයෙනි. 

පසුවදන:-
ජනක රත්නායක රාජ්‍ය සේවයේ යෙදී සිටිමින් සිදු කළේ ජනාධිපති අපේක්ෂකත්වයට ලකුණු රැස් කර ගැනීමට උත්සහ කිරීමයි.

දේශීය කුමන්ත්‍රණ ජාත්‍යන්තර කුමන්ත්‍රණ හරහා අමා යන දේශපාලන කුණාටුවල මෙය තවත් එක් ප්‍රතිඵලයක්.

අල්ලස් දීමට තරම් කෝටි ගණන් මුදල් මොවුන් අතර ගැවසෙන්නේ කෙසේද ?

සාමාන්‍ය ජනතාව අතර ජන මතයක් නොමැති මොවුන් ජනාධිපතිවීමේ අරමුණ සහිතව ජනාධිපතිවරණයට ඉදිරිපත් වනවා නොව ආදිසි හස්තයක් මත නැටවෙමින් ජාවාරමක යෙදීමයි.

මේ මගින් පරම්පරා ගනනකට ඩොලර් වලින් තමන්ගේ ගොඩ හදාවඩාගෙන අවසානය.



English version

A group of officials, including the Secretary of the United Lanka Podujana Party (Eksath Lanka Podujana Pakshaya) has been arrested for allegedly soliciting a bribe from Janaka Ratnayake, the party’s presidential candidate and former chairman of the Public Utilities Commission of Sri Lanka.

The Bribery Commission officers apprehended the suspects today while they were reportedly accepting a bribe of Rs. 30 million from Ratnayake.

The detained officials, including the party secretary are accused of trying to extract Rs. 30 million from Ratnayake in exchange for his nomination as the party’s presidential candidate.

Janaka Ratnayake, former Chairman of the Public Utilities Commission of Sri Lanka is running for president this year as the candidate of the United Lanka Podujana Party (Eksath Lanka Podujana Pakshaya).

Related Post