Mon - 23 December 2024

රනිල් – මහින්ද දීගෙට තිරු නඩේෂන් කපු කමේ…

හොරා කාපු ජාතික ධනය විදෙස් රටවල් තුළ සඟවා තැබූ බවට පැන්ඩෝරා පේපර්ස් තුළින් අන්තර්ජාතික වශයෙන් නම සඳහන් වී තිබෙන නිරුපමා රාජපක්ෂගේ සැමියා තිරු නඩේෂන්ට අයත් කොළඹ බාන්ස් පෙදෙසේ නිවස තුළ රනිල් වික්‍රමසිංහ සහ මහින්ද රාජපක්ෂ යන දෙදෙනා ම එක වර සහභාගී වූ ශාන්තිකර්මයක් පවත්වා ඔවුන්ගේ ඉදිරි අනාගත දේශපාලන කටයුතුවලට ආශිර්වාද ලබා ගැනීමට ඉන්දියාවේ සිට ගෙන්වන ලද පූජකයන් පිරිසක් දින 8ක් පුරා එම ශාන්තිකර්මය සිදු කර ඇති බවයි. පසුගිය 04 වෙනි දින එය අවසන් කර ඇති අතර රනිල් මහින්ද දෙදෙනාට අමතරව දිනේෂ් ගුණවර්ධන ද එම යාගය සඳහා සහභාගී වී ඇත.
මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති ලෙස තේරී පත් වූ 2015 ජනවාරි 09 දින අළුයම ජනාධිපතිවරණ ප්‍රතිඵල නිකුත් කරමින් තිබෙන අතර රනිල් වික්‍රමසිංහ සහ තිරු නඩේෂන් අරලියගහ මන්දිරයට ගොස් මහින්ද රාජපක්ෂ හමු වී තිබිණි. එම හමුව පිළිබඳව ආන්දෝලනාත්මක තොරතුරු පාර්ලිමේන්තුව තුළ දී ද හෙළි කර තිබිණි.

තීරණාත්මක ජනාධිපතිවරණය පැවැත්වීමට ඉතා ආසන්නව තිබෙන අතර තිරු නඩේෂන්ගේ නිවස තුළ රනිල් මහින්ද මෙන්ම දිනේෂ් ගුණවර්ධන ඇතුලු පිරිස හමුවීම එකම කුරුල්ලො එකට රංචු ගැසීමකි. නමුත් මේ වනවිට ජනමාධ්‍ය ඔස්සේ ප්‍රවෘත්ති නිර්මාණය කරමින් ප්‍රචාරය කරනු ලබන්නේ රනිල් මහින්ද දෙපිල අතර බරපතළ ගැටුම් පවතින බව ය. රනිල් වික්‍රමසිංහ ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වෙමින්ද නාමල් රාජපක්ෂ පොහොට්ටුවේ අපේක්ෂකයා ලෙස වෙනමම ඉදිරිපත් වෙමින්ද ජනතාව හමුවේ පෙන්වා සිටීමට උත්සාහ කරන්නේ රනිල් රාජපක්ෂ නොව රනිල් වික්‍රමසිංහ නම යළිත් හදා ගැනීමටය. නමුත්
රනිල් හා මහින්ද දීගය දිගින් දිගටම පවතී.
තිරුණානේෂන් වැනි කුප්‍රකට චෞරයන් මේ දේශපාලඥයන් සමඟ පවතින්නේ ගහට පොත්ත වැනි සුවිශේෂී බැඳීමකි.


මේ සියල්ලන් අතරේම ගැවසෙන්නේ හොරා කන ලද ජාතික ධනයයි

Related Post