පහළොස් වසරකට ඉහතදී බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද සිය සමීපතමයන් වෙනුවෙන් යුක්තිය ඉල්ලා උතුරේ මව්වරුන් අතුරුදහන් කරවීමට එරෙහි ව අදටත් යුක්තිය ඉල්ලා සටන් වදිමින් සිටිති.
සිය සමීපතමයන් සොයා ගැනීම වෙනුවෙන් වසර ගණනාවක් තිස්සේ අරගලයක යෙදී සිටින උතුරු නැගෙනහිර මව්වරුන් 2017 වසරේදී ආරම්භ කළ අඛණ්ඩ විරෝධතාවයට අද වන විට ත් සාධාරණයක් ඉටු වී නොමැත.දෙමළ සිංහල දේශපාලඥයන්ගේ විවිධ පොරොන්දු අතුරුදහන් වූ තම දූ දරුවන් සම්බන්ධයෙන් ලබා දුන්නද ඒ සියල්ලම දේශපාලන ඇස්බැන්දුම් බව මේ වන විටත් අතුරුදහන් වූ දූ දරුවන්ගේ දෙමව්පියෝ පසක් කරගෙන සිටිති.
මියගිය හා අතුරුදහන් වූ තම සමීපතයන් සම්බන්ධයෙන් දැනට පවතින තත්ත්වය පිළිබඳව කෝපයට හා ශෝකයට පත් පවුල් වල සාමාජිකයින් දහස් ගණනක් අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ නිලධාරීන් මුණගැසී ඇති අතර, අතුරුදහන් වීම් සම්බන්ධයෙන් රජය විසින් අනුගමනය කරනු ලබන ක්‍රියාවලිය කෙරෙහි කිසිදු විශ්වාසයක් නැති අතර මේ සම්බන්ධයෙන් ජාත්‍යනත්තර මැදිහත්වීමක් අපේක්ෂා කරසිටිති
යුද සමයේ හිටපු පොලිස්පතිවරයා ශ්‍රී ලංකාවේ අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාංශයට පත්කිරීම, පසුගිය ආණ්ඩුව යටතේ ස්ථාපිත කරන ලද සංක්‍රාන්තික යුක්තිය පිළිබඳ යාන්ත්‍රණය මිලිටරීකරණය කිරීමේ ක්‍රියාවලිය සම්පූර්ණ කිරීමක් ලෙසින් ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයක් විසින් 2021 ජුනි මාසයේදී පෙන්වා දී තිබුනි.
මැයි 20 වැනිදා පාර්ලිමේන්තු නියෝජිතයන් විසින් අනුමත කිරීමෙන් පසුව, හිටපු පොලිස්පති හපු ආරච්චිගේ ජයන්ත ශාන්ත කුමාර වික්‍රමරත්න හෙවත් ජයන්ත වික්‍රමරත්න එම තනතුරට පත් කිරීමට තීරණය කර තිබුනි.
යැස්මින් සූකාගේ ප්‍රධානත්වයෙන් යුත් සත්‍යය හා යුක්තිය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපෘතිය (අයිඨ්ජේඵ්) එම පත් කිරීම පෙන්වා දී ඇත්තේ අතුරුදහන්වූවන්ගේ පවුල් සඳහා සත්‍යය සහ යුක්තිය සඳහා වූ කවර හෝ අවස්ථාවක් වී නම් එය මකා දමන සිදුවීමක් ලෙසිනි.
මීට ඉහතදී අතුරුදහන්වූ තැනැත්තන් පිලිබඳ කාර්යාලයේ සභාපතිවරයා වශයෙන් විනිසුරු උපාලි අබේරත්න පත්කරනු ලැබීම ශ්‍රී ලංකාවේ වින්දිත පවුල් විසින් දැනටමත් හඳුන්වා දී ඇත්තේ ‘සෘජු අවමානයක් සහ ප්‍රචණ්ඩක්‍රියාවක් ‘ ලෙසිනි.
මහින්ද රාජපක්ෂ පාලන සමයේ අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් චෝදනා ලබන ආරක්ෂක සේනා නිලධාරීන්ට නඩු පැවරීමට එරෙහිව නිර්දේශ ලබා දුන් දේශපාලන පලිගැනීම් පිලිබඳ ජනාධිපති කොමිසන් සභාවේ ප්‍රධානියා උපාලි අබේරත්නයි. මෙවැනි දේශපාලනික අත්තනෝමතික ක්‍රියාවන් නිසා අතෘප්තියට පත් වූ අතුරුදහන් වූවන් සම්බන්ධයෙන් යුක්තිය ඉල්ලා පෙරමුණට පැමිණි පිරිස බලාපොරොත්තු වෙන්නේ විනිවිදි පෙනෙන ජාත්‍යන්තර මැදිහත්වීමකි.
දේශපාලකයන් විසින් පෙන්වා දෙන්නේ ජාත්‍යන්තර මැදිහත්වීම යනු ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ප්‍රශ්න වලට කරන බලපෑමක් වශයෙනි.
ඇත්තෙන්ම එසේ කියමින් දේශපාලඥයින් සිදු කරන්නේ ඔවුන්ගේ මානව අයිතිවාසිකම් කඩකිරීමේ අවස්ථා වසා ගැනීමට කටයුතු කරනු ලැබීමයි.
සිංහල දෙමළ ජාතිවාදයක් පතුරවමින් කෛරාටික දේශපාලනඥයන් ජාති හිතෛෂීන් ලෙස පෙනී සිටිමින් තමන් විසින් සිදු කරන ලද මානව හිමිකම් කඩකිරීම් සදහටම වසා ගැනීමට කටයුතු කරමින් සිටියි.එය දෙමළ සිංහල දේශපාලඥයන් කියා භේදයක් නොමැත.
යුක්තිය සාධාරණය අපේක්ෂා කරන කවරකු වුවද මේ තත්ත්වය පිටිදැක්විය යුතුය.
මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වී සිටින ද්‍රවිඩ අපේක්ෂකත්වය ජාතිවාදී ජාතික දේශපාලනයට දැඩි අභියෝගයක් වනු ඇත.
සාම්පීඩා එක ද්‍රවිඩ සිංහල දේශපාලනයක් සේම ඉදිරියේදීත් වෙන වෙනම තම පටු දේශපාලනය නිරත වූහ.
මානව සංහතියටම අගෞරව කරමින් සිදු කරන ලද බලහත්කාර අතුරුදහන් කිරීම් පිළිබඳ තුච්ඡ ඉතිහාසය සදහටම වැළලී යනු ඇත.
අදත් හෙටත් සාධාරණය ඉටුවනතුරු දේශපාලන ඝාතනයට ලක් වූ හා බලහත්කාරයෙන් අතුරුදහන් වීමට ලක් වූ දහස් ගණනක් තරුණ තරුණියන් වෙනුවෙන් පෙනී සිටිය යුතුය.