2022 ජූලි මස ජනතාවගේ අරගලකාරී ක්‍රියාකාරිත්වයෙන් මෙරට විධායක ජනපතිවරයා පලවා හරින ලදී. විශේෂිත අවස්ථා කීපයකදීත්, ධුරයේ කාල සීමාව ඉකුත් වීමත් හැර ව්‍යවස්ථානුකූලව ඉවත් කිරීමට නොහැකි විධායක ජනාධිපතිවරයා ජනතාව විසින් පලවා හැරීමට සමත් විය. මෙලෙස ධුරයෙන් පහකරන ලද්දේ හැට නව ලක්ෂයකට අධික ඡන්ද බලයක් තිබූ ගෝඨාභය රාජපක්ෂ ජනපතිවරයා ය.
මෙම ක්‍රියාකාරිත්වය සංවිධානගතවූ මෙහෙයවීමක් හෝ නායකත්වයක් නොමැතිව ජනතාව අතරින් ස්වාධීනව පැනනැගීමක් වීම විශේෂත්වයකි.
පසුව එය විවිධ දේශපාලන පැතිකඩවලට යොමු වුවද මෙම වකවානුවේ පැවති ජනතාවට දරාගත නොහැකි ඉහ වහා ගිය පීඩාකාරිත්වය මීට හේතු විය. නමුත් ජනපතිවරයා පලවා හැරීමෙන් පසුව, පැවති ව්‍යවස්ථාදායකයේ බලය බිඳ දැමීමට නොහැකි වූ අතර කුමන්ත්රණකාරී ප්රවේශයකින් නැවතත් එම ව්‍යූහය හා සමාන බලයක් ඇත්තෙන්ම ඊටත් වඩා දූෂිත බලයක් ගොඩනැගීමට පාලකයෝ සමත් වූහ. මෙය ව්‍යවස්ථාවේ ඇති හිඩැසකින් රිංගා යාමකි.
සමස්ත දූෂිත ව්‍යුහයේ පැහැදිලි ක්‍රම වෙනසක් ඇතිකර ගැනීමට අරගලකාරීව නැගී සිටි ජනතාව අසමත් වුවද, අරගලකාරී ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් දේශපාලනයේ ජීවමාන අත්දැකීම් රැසක් මෙරට ජන සමාජයට කාන්දුවීම සැළකිය හැකි වූ විශේෂත්වයකි.
ජනතාව තුළින් කැළඹී නැගිට ආ අරගලය නිවැරදි දිශාවකට යොමු කිරීමට නිවැරදි නායකත්වයක් නොමැතිවීම මෙම ජන අරගලය තමාට ලැබුණු ඔටුන්නක් සේ පළඳා ගැනීමට රනිල් භාග්‍යවන්තයකු විය.
මේ බල හුවමාරුව ඉබේම සිදුවූවක් නොව බලය හැරදා පලා ගිය පාර්ශවයේත් බලය ලබාගෙන වැජඹෙන පාර්ශ්වයේත් එකමුතුවෙන් ජනතාවට සිදුකළ ඇස්බැන්දුමකි.
රනිල්ගේ රැකවරණය නැතුව රාජපක්ෂ පාර්ශ්වයටත් රනිල්ගේ තක්කඩි රැලටත් පැවැත්මක් හෝ එක රැකවර්ණයක් නොමැත.
යටි සූත්‍රයෙන් හෝ තර්ජනයෙන් මර්ධනයෙන් හෝ
තමන්ගේ පාර්ශවයන් රැක ගැනීම මේ දෙපාර්ශවයම අවශ්‍ය කරුණකි.
දිගින් දිගටම ජන සමාජයේ පැවැති පීඩාකාරී තත්ත්වය නිසා ජනතාව අතරින් මතු වූ ජන අරගලයට ත්
සැබෑ වෙනසක් සොයා වීදි බට අරගලකරුවන්ට ත් සිදුවූයේ එකම කාසියේ දෙපැත්ත පෙරළීම අත්විඳීමටය.