Sun - 22 December 2024

ජනාධිපති සමාව කොයිබටද?

සිරකරුවන්ට සමාව ලබා දීමට ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාට බලය හිමිවන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වැනි වගන්තියෙනි.

34 වගන්තියේ (1) අනු වගන්තිය යටතේ ශ්‍රී ලංකාවේ කවර හෝ අධිකරණයක තීන්දුවක් යටතේ වරදකරු කරන ලද පුද්ගලයෙකුට සමාවක් ලබා දීමට ජනාධිපතිවරයාට බලය පැවරේ. එමෙන්ම, වරදකරුට හෝ වරදකාරියට ලබා දෙන්නේ සම්පූර්ණ සමාවක් ද නැතහොත් නීත්‍යානුකූල කොන්දේසි සහිත සමාවක් ද යන්න ජනාධිපතිවරයාට තීරණය කළ හැකිය.

අදාළ වරදකරුට නියම කර ඇති දඬුවම වෙනුවට ලිහිල් දඬුවමක් නියම කිරීමට හෝ නියම කරන ලද දඬුවම මුළුමනින්ම නිශ්ප්‍රභ කිරීමට ද ජනාධිපතිවරයෙකුට ව්‍යවස්ථාවෙන් බලය හිමි වී තිබේ.
කෙසේනමුත්, අධිකරණයකින් මරණ දඬුවම නියම වූ පුද්ගලයෙකුට සමාව ලබා දීමේ දී 34 (ඈ) වගන්තිය යටතේ ජනාධිපතිවරයාට යම් සීමා පනවා තිබේ.

එවන් පුද්ගලයෙකු නිදහස් කිරීමට පෙර අදාළ නඩුව විභාග කළ විනිසුරුගෙන් වාර්තාවක් ලබා ගත යුතුය. එම වාර්තාව ජනාධිපතිවරයා අතට ලැබුණු පසු, ඒ ගැන නීතිපතිවරයාගෙන් උපදෙස් ලබා ගත යුතුය. එම වාර්තාව නීතිපතිවරයාට යැවිය යුත්තේ අදාළ උපදෙස් ලබා දීමෙන් පසු අධිකරණ විෂය භාර අමාත්‍යවරයාට යවන ලෙස උපදෙස් ලබා දෙමිනි.

ඉන්පසු, අදාළ අමාත්‍යවරයා සිය නිර්දේශ ද සඳහන් කරමින් වාර්තාව නැවත ජනාධිපතිවරයා වෙත යොමු කරනු ලබයි. මරණ දඬුවමට නියම වූ පුද්ගලයෙකුට සමාව ලබාදීමේ දී හැර වෙනත් අවස්ථාවල දී ජනාධිපතිවරයාට විශේෂ ඉල්ලීම් කිරීමට අවශ්‍ය වන්නේ නැත. ඒ පිළිබඳව ව්‍යවස්ථාවේ 34 (1) වගන්තිය ඉතා පුළුල් ලෙස අර්ථකථනය කරදී තිබේ. නමුදු ජනාධිපති සමාව ලබාදීමේදී සලකා බැලිය යුත්තේ මොනවගේ කරුණු දැයි නීතියේ පැහැදිලිව සඳහන් කර නොමති අතර ජනාධිපතිවරයා රටේ සුභසිද්ධිය සහ සාධාරණත්වය වෙනුවෙන් කටයුතු කරන පුද්ගලයෙකු සේ සලකා සිය අභිමතය අනුව ක්‍රියා කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයා වෙත ලබා දී ඇති තවත් බලයක් ලෙස එය පෙන්වා දිය හැකිය.

1978 ව්‍යවස්ථාවට අනුව ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපතිවරයෙකුට නොහැකි වන්නේ “ගැහැණියක පිරිමියෙකු කිරීමට හෝ පිරිමියෙකු ගැහැණියක කිරීමට පමණයි” යනුවෙන් හිටපු ජනාධිපති ජේ ආර් ජයවර්ධන වරක් ප්‍රකාශ කළේය. කෙසේ වෙතත්, 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් යම් දුරකට විධායක බලතලවල වෙනසක් සිදුවූ බව නීති විශාරදයෝ පවසති.

බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයෙන් පසු නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බිහි වූයේ 1972 දීය. කෙසේනමුත්, වසර කීපයක් ගතවන විට, 1978 වසරේදී දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ද නිර්මාණය විය.එතැන් සිට සංශෝධනය වූ සියළුම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන වලදී සිදු කරන ලද සංශෝධන හුදෙක්ම පවතින රජයේ පැවැත්ම හෝ අනාගතය වෙනුවෙන් දේශපාලනික අරමුණු අරභයා සිදුකරන ලද බවට පෙනී යන කරුණකි. නිදසුනක් ලෙස සලකා බැලීමේදී විශේෂයෙන්ම විසිවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී සිදු කරන ලද ද්විත්ව පුරවැසියන් පිළිබඳ වූ අර්ථ නිරූපණය පෙන්වා දිය හැක.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව ජනාධිපති සමාව ලබාදීම පිළිබඳව ආන්දෝලනාත්මක තත්ත්වයන්ද පවතී. සාමාන්‍ය සිරකරුවන්ට හෝ වරදකරුවන්ට ලබා දෙන ජනාධිපති සමාව අනුව නිදහස් දිනය හෝ ජනාධිපති පදවි ප්‍රාප්තියක් උදා වෙද්දී මෙන්ම වෙසක් පොහෝ දිනය සහ ඇතැම්විට නත්තල් දිනයේදී සිරකරුවන් නිදහස් කිරීම සම්මත සම්ප්‍රදායකි. එනමුත් මරණ දඬුවම හිමි වූ සිරකරුවන් පිළිබඳව ජනාධිපති සමාව ලබාදීම සුවිශේෂී තත්ත්වයකි. පසුගිය ජනාධිපතිවරුන් කීපදෙනෙකු යටතේදීම මරණ දඬුවම ලැබූ සිරකරුවන් සිරකාරියන් වෙනුවෙන් ලබාදුන් ජනාධිපති සමාව ලබාදීම පිළිබඳව ජන සමාජයේ බහුතරයකගේ ප්‍රසාදයක් හෝ අනුමත කිරීමක් නැත. ජනාධිපතිවරයාට තම අභිමතය පරිදි ජනාධිපති සමාව ලබාදීමට ඇති වරප්‍රසාදය හුදෙක්ම අධිකරණයකදී නිසි නඩු විභාගයකින් පසුව අධිකරණය ලබාදෙන නීත්‍යානුකූල තීන්දුව අභියෝගයට ලක් කිරීමකි.එමෙන්ම එය අධිකරණයේ ස්වාධීනත්වයට අතපෙවීමක් ලෙසට ද පෙනී යන කරුණකි. පසුගිය කාල වකවානුවලදී විවිධ ජනාධිපතිවරුන් විසින් මරණ දණ්ඩනයට නියම වූ වරදකරුවන් හෝ වරදකාරියන් වෙත ජනාධිපති සමාව ලබාදීම සලකා බැලීමේදී බොහෝවිට පවතින්නේ අපකීර්තිමත් අතීතයක් පැහැදිලිව පෙනෙන කරුණකි. නමුත් ජනාධිපතිවරයාගේ තීරණය අභියෝගයට ලක්වීමට ඇති අවහිරතාවය හේතුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35 වැනි වගන්තිය අනුව ජනාධිපති ධූරය දරන තැනැත්තා/තැනැත්තියට එරෙහිව කිසිදු ආකාරයක සිවිල් හෝ අපරාධ නඩු පැවරිය නොහැකි ලෙස සඳහන් වී තිබේ. නමුත්, එම ප්‍රතිපාදන සහ මුක්තිය ඉවත් කරමින්, ජනාධිපතිවරයාට එරෙහිව නීතිපතිවරයා වග උත්තරකරු කරමින් මූලික අයිතිවාසිකම් කඩවීමේ නඩු පැවරීමේ හැකියාව 19 වෙනි සංශෝධනයෙන් ලැබී ඇත. එම ප්‍රවේශය තුළින් මූලික අයිතිවාසිකම් නඩු කර කීපයක්ම මේ වන විටත් ක්‍රියාත්මකව පවතී. එසේම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු මෙන්ම අමාත්‍යවරයෙක් ද වූ දුමින්ද සිල්වාට මරණ දණ්ඩනය අහෝසි කරමින් ජනාධිපතිවරයා විසින් ලබාදෙන ලද ජනාධිපති සමාව අභියෝගයට ලක් කරමින් පැවති නඩුකරයෙන් එම ජනාධිපති සමාව අහෝසි වී නැවතත් දුමින්ද සිල්වාට මරණ දඬුවම ක්‍රියාත්මක වීම පෙන්වා දිය හැක.

ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසය තුළ, හිටපු ඇතැම් ජනාධිපතිවරුන්ගේ සමාව යටතේ නිදහස ලැබූ සිරකරුවන් කිහිප දෙනෙකු පිළිබඳව අවධානය යොමු කිරීමේදී එහි ඇති දේශපාලනික පසුබිම ද පැහැදිලි වේ එනම් රෝහණ විජේවීර ජනාධිපති සමාවෙන් නිදහස ලැබීම විජය කුමාරතුංග නැක්සලයිට් චෝදනාවට බන්ධනාගාර ගත වී ජනාධිපති සමාව ලැබීම වත්තල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයෙක් බදු මුදල් විශාල ප්‍රමාණයක් වංචා කර හිරේ ගිය නමුත් ඔහු ලැබූ ජනාධිපති සමාව
හිටපු ඇමතිවරයෙකුගේ බිරිඳ අමු අමුවේ කෙනෙක්ව මරල දැම්ම පිළිබඳව මහ අධිකරණයෙන් පවා මරණ දඬුවම ලැබුණත් ඇයටත් එම සමාව හිමිවීම වගේම පාතාලේ චන්ඩි, ගෝනවල සුනිල් වැනි අයත් එස් බී දිසානායක, සරත් ෆොන්සේකා දුමින්ද වැනි දේශපාලනඥයෙනුත් ආන්දෝලනාත්මක රොයල් පාක් නඩුවෙන් වරදකරු වූවන් වැනි ධනවතුනුත් ජනාධිපති සමාවෙන් ප්‍රයෝජන ලැබූවා.

එසේ ඉතාමත් ආන්දෝලනයට ලක් වූ ජනාධිපති සමාව ලබාදීම පිළිබඳ ඉතිහාසය සමාජයට වැඩදායී යමක් සිදු කළාට වඩා සිදුකර ඇත්තේ ජනාධිපති සමාව ලබාදීම පිළිබඳව අපකීර්තිමත් ඉතිහාසයක් සනිටුවහන් කිරීමයි. නමුදු මෑතකදී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් ලබා දුන් ජනාධිපති සමාව පිළිබඳව සලකා බැලීමේදී එම සමාව මෙතෙක් ඉතිහාසයේ ලබා දුන් ජනාධිපති සමාවන්වලට වඩා කැපී පෙනෙන තීරණයකි.

එනම් මීට වසර 109කට පෙර මෙරට සිටි බ්‍රිතාන්‍ය පාලකයන් විසින් අසාධාරණ නඩු විභාගයකින් මරණයට පත් කරනු ලැබූ කපිතාන් දියුණුගේ එඩ්වඩ් හෙන්රි පේද්‍රිස් මහතාට මරණින් පසු ජනාධිපති සමාව ලබාදීමයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33(ඌ) ව්‍යවස්ථාව ප්‍රකාරව පැවරී ඇති බලතල අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මෙම සමාව ප්‍රකාශයට පත්කර ඇත. එවකට ලංකාවේ ආණ්ඩුකාරවරයා වූ රොබට් චාමස් විසින් 1915 ජුනි 25 දින නිකුත් කරන ලද ප්‍රකාශයක් මගින් පත් කරනු ලැබූ යුධ අධිකරණයකින් සිදුකළ අසාධාරණ නඩු විභාගයකින් පසු 1915 ජූලි 07 වන කපිතාන් දියුණුගේ එඩ්වඩ් හෙන්රි පේද්‍රිස් මහතාව නීති විරෝධී ලෙස මරණයට පත් කළ බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් නිවේදනය කර ඇත.

1888 අගෝස්තු 16 දින ගාල්ලේදී උපත ලැබූ හෙන්රි පේද්‍රිස් මහතා බ්‍රිතාන්‍ය පාලන සමයේ ලංකාවේ විසූ ප්‍රමුඛ පෙළේ සමාජ ක්‍රියාකාරිකයකු මෙන්ම ලංකා ආරක්ෂක හමුදාවේ සහ කොළඹ නගරාරක්ෂක බළකායේ සේවය කළ කපිතාන් නිලයක් හෙබවූ හමුදා නිලධාරියකුද වේ. බ්‍රිතාන්‍ය නිලධාරීන් විසින් 1915 ජාතිවාදී කලබල ඇති කිරීමට පෙළඹවීම වෙනුවෙන් චෝදනා එල්ල කර ඔහු ඝාතනය කර ඇති බවද එම නිවේදනයේ දැක්වේ.

කෙසේ නමුත් ජනාධිපති සමාව සම්බන්ධයෙන් පැතිර යන රාවයන් පිළිබඳ මෙතෙක් කිසිදු ජනාධිපතිවරයකු යහපත් නිර්ණායක හෝ ප්‍රතිචාර දක්වා නොමැත. ඒ අතරතුර, ඕනෑම සිරකරුවෙකුට සමාව දීමට ජනාධිපතිවරයා සතු බලය පිළිබඳව ද විවිධ මත පළවෙමින් පවතී. කෙසේ වෙතත් සැප්තැම්බර් 21 වැනිදායින් පසුව පත්වන නව ජනාධිපතිවරයා තම ජනාධිපති සමාව ප්‍රදානය කිරීමේදී එය දේශපාලන පොරොන්දු හෝ දේශපාලන බලය රැකගැනීම වෙනුවෙන් නොව හුදෙක් ජන සමාජයේ යහපත හා පොදු පුරවැසියන්ගේ සුබ සිද්ධිය උදෙසාම යොදාගත යුතුය.

මෙය තදින් හුවා දැක්වීමට හේතු වූයේ මෙවර ජනාධිපතිවරණයේදී ද ජනාධිපති සමාව ලබාදීමේ තීරණය කෙබඳුද යන්න මීළඟ ජනාධිපතිවරයා වීමට තීරණාත්මක සාධකයක් වී ඇති බව පෙනී යන හෙයිනි.

Related Post