ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රගතිය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ විශේෂ රැස්වීමක් කථානායක මහින්ද යාපා අබේවර්ධන ගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ , පාලක මණ්ඩලයේ හා මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ සාමාජිකයින්, නියෝජ්‍ය අධිපතිවරුන් ඇතුළු මහ බැංකුවේ උසස් නිලධාරී පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි. මෙම රැස්වීම පවත්වාගෙන ගිය ආකාරය දෙස බැලීමේදී හුදෙක් මෙය පාර්ලිමේන්තුව රටේ ආර්ථිකය පිළිබඳ දැනුවත් කිරීම අරභයා මහ බැංකුව විසින් කළ යුතු නීත්යානුකලු කටයුත්තට එහා ගිය දේශපාලනික ස්වභාවයක් පෙන්නුම් කරන ලදී. විශේෂයෙන්ම මෙය පවත්වාගෙන ගියේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට සුදුහුණු ගෑම පිණිස බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ ඉදිරිපත් කළ කරුණු දෙස විමසා බැලීමේදී පෙනී යයි.
සාරාංශයක් වශයෙන් ඔහු පවසා සිටින්නේ රටේ උද්ධමනය අඩු කර රුපියල ස්ථාවර කළ බවයි. පැවති තත්ත්වයට සාපේක්ෂව මෙරට උද්ධමනය සියයට 5ක අගයක් දක්වා පහතට ගෙනඒමට හැකිවූ බව ද ප්‍රතිපත්ති පොලී අනුපාතය පහතට ගෙන ඒමට හැකිවූ බවද ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා දිගින් දිගටම කරුණු ඉදිරිපත් කළේ රටේ මහජනතාවට දැනෙන දෙයක් නම් නොවේ.ඔහු පැවසූ ඊළඟ අරුම පුදුම කතාවවූවේ සංචිත ශක්තිමත් කිරීම හරහා විනිමය අනුපාතය ස්ථාවර කරමින් රුපියල ශක්තිමත් කිරීමට හැකිවූ බව යි.එහෙත් ඔහු සඳහන් කරන උද්ධමනය අඩුවීම පිළිබඳව ඔහුගේ ගෙදර කුස්සියට දැණුනත් රටේ ජනතාවගේ කුස්සියට නම් මේ බවක් දැනී නැත. උද්ධමනය යනු අඛණ්ඩ සහ නිරන්තර සාමාන්‍ය මිල මට්ටමේ ඉහල යෑමක් මිස යම් කිසිකාල පරිචිඡේදයක් තුල ආර්ථිකයේ භාණ්ඩ හා සේවාවල සාමාන්‍යය මිල මටිටමේ අඛණ්ඩ වර්ධනය උද්ධමනය නොවේ. තාවකාලික ලෙස භාණ්ඩ හා සේවා මිල ඉහළ යාම උද්ධමනය ලෙස සලකනු ලබන්නේ තැත. නන්දලාල් වීරසිංහ හුවා දක්වන්නේ රනිල් වික්‍රමසිංහගේ සහයෝගයෙන් රටේ උද්ධමනය පහළ ගිය බවයි. මෙසේ පවසමින් ඔහු සිදු කරන්නේ රනිල් වික්‍රමසිංහගේ ඡන්ද ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමයි. ණය ගෙවීම පැහැර හැර රට බංකොලොත් බවට ප්‍රකාශ කළේද මේ නන්දලාල් වීරසිංහමයි.
ප්‍රායෝගිකව ජන ජීවිතයට නොදෙන රටේ ආර්ථික වර්ධනය මහ බැංකු වාර්තාවල නම් වර්ධනය වෙමින් පවතී. එයට හොඳම උදාහරණය වන්නේ මහ බැංකුව තමන්ගේ වැටුප අධික ලෙස වැඩි කරගෙන රටේ ආර්ථිකය පිළිබඳ ඔවුන් දැක්වූ කදිම සංවේදී භාවයයි.
මුදල් ඇමතිවරයා වූ ජනාධිපතිවරයා තිරෙන් පිටුපස සිට මහා බැංකු අධිපතිවරයා හසුරුවමින් සිටින්නේ තමාගේ බල ස්ථාවරය වෙනුවෙනි. මහ බැංකු අධිපතිවරයා ත් ජනාධිපතිවරයා ත් දෙදෙනා දෙදෙනාගේ පිට කසා ගනිමින් රටේ ආර්ථිකය යථා තත්ත්වයට පත්කිරීමේ පුරෝගාමියා රනිල් බව පෙන්වීමට උත්සාහ කරන අතර 2024 Global Finance’s Central Banker වාර්තා අනුව ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයාට ගෞරවනීය පිළිගැනීමක් ලැබිණි. මේ පිළිගැනීම් පිළිබඳ සලකා බැලීමේදී පේන කාරණාව තමයි මීට පෙර අවස්ථාවකදී රවී කරුණානායක වගේ ආර්ථික විද්‍යාව ගැන මෙලෝ හසරක් නොදන්නා රටේ සාමාන්‍ය ජනතාව තරමට වත් සාමාන්‍ය දැනුමවත් නැති දූෂණ වංචා චෝදනාවලට ලක් වූ අමු මැටි හොර තක්කඩියෙක් ලෝකයේ හොඳම මුදල් ඇමති කියලා තේරුවේත් ඔය වැනිම ආයතන වලින් බව.
වත්මන් මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහට අනුව රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව හැර වෙනත් ආන්ඩුවක් එනම් මහින්දලා රනිල්ලා නැතුව අනුරලා සජිත්ලා බළයට ආවොත් ඔවුන්ට රට රටවලට ණය ගෙවීම් පිළිබඳව ද්වි පාර්ශවාකව සාකච්ඡා කර එකඟතාවයකට ඒමට නොහැකියැයි කියන අදහස.ඒ වගේම පවතින ආණ්ඩුව හැර වෙන කවුරු ආන්ඩුව ගත්තත් ඉදිරි වසර හතර IMF එකේ සැලැස්මට යන්න ඕන. ඒකට අනුව ප්‍රතිව්‍යුහගතකරණය, භාන්ඩ මිළ වෙලදපල අගයට ගැලපීම, රාජ්‍ය අංශයේ සේවකයන් අඩුකිරීම දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන්නම ඕන බව තරයේ හුවා දැක්වීම.
මහා බැංකු අධිපති නන්දලාල් වීරසිංහගේ ප්‍රකාශය සහ පහුගිය කාලයේ සිද්ධ වුන ක්‍රියා දෙස බැලුවිට IMF ආයතනය ලංකාව උගුලකට අහු කර ගත්තා කියන එක පැහැදිලිව පෙනෙන අතර IMF නොනිල නියෝජිතයින් ලෙස මෙරටදී එම කාර්යභාරය ඉටු කරන්නේ රනිල් වික්‍රමසිංහ සහ නන්දලාල් වීරසිංහ බවයි.
එනිසාවෙන් නන්දලාල් වීරසිංහට රනිල් වික්රමසිංහව තවදුරටත් බලයේ තබා ගැනීම අත්‍යවශ්‍ය කාරණාවක්.එනිසාවෙන් ඔහු මේ රනිල් වික්රමසිංහව තමාගේ කරේ තබාගෙන ගමන් කරන්නේ තමාට නියම වූ කාර්යභාරය වෙනුවෙනි.