රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව මෙන්ම විපක්ෂයේ ප්‍රධාන පක්ෂය වන සමගි ජන බලවේගය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි, නිර්දේශයන්ට දොහොත් මුදුන් නගා රටපුරා රතිඤ්ඤා පත්තු කර එකඟ වී වැළඳ ගත්හ. විශේෂයෙන් සමගි ජන සන්ධානයේ මුදල් ඇමතිවරයා වශයෙන් පෙනී සිටින ආචාර්ය හර්ෂ ද සිල්වා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා පිළිගන්නෙකි. ඔහු හැසිරෙන්නේ මහජන නියෝජිතයෙකුට වඩා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිළ නියෝජිතයා වශයෙනි.
සමගි ජන බලවේගයේ ආර්ථික ප්‍රතිපත්තිය වශයෙන් පසුගිය වසර දෙකකට අධික කාලයක් පුරා පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශයන් ය. සමගි ජන සන්ධානය,රාජපක්ෂ නඩයේ බහුතරයක් ඇතුලත් රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව ඇතුළු නව ලිබරල් කඳවුරට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් හැර වෙන විකල්පයක් නැත. ඔවුන්ට එම රාමුවෙන් පිටත දෙයක් පෙනෙන්නේ ද නැත. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට ආණ්ඩුව භාර ගැනීමට ආරාධනා කළ අවස්ථාවේ ඒ අභියෝගය භාර ගැනීම සම්බන්ධයෙන් දැඩිව විරුද්ධ වූයේ ආචාර්ය හර්ෂ ද සිල්වා ය. රටේ ආර්ථිකය කඩා වැටී ඇති බැවින් ආණ්ඩුව භාර නොගන්නා ලෙස ඔහු සජිත් ප්‍රේමදාසට උපදෙස් දුන්නේ ය. ඔවුන්ට සැබෑ ආර්ථික අභියෝගයන්ට මුහුණදීමේ හැකියාවක් නැත.
නිදහසින් වසර හැත්තෑ හයකට පසුව ශ්‍රී ලංකාව බංකොලොත්කර පෝලිම්වල ජනතාව මැරී වැටෙන තත්ත්වයට පත් කළේ මේ අක්‍රමවත් දේශපාලන සැලසුම්කාරයෝයි. ඔවුන් සිතා සිටින්නේ ජනතාවට ඒ සියල්ල එක රැයකින් අමතක ඇතැයි කියාය. රටත් ආර්ථිකයත් සංස්කෘතියත් විනාශ කළ කළ මේ දේශපාලන පංතිය දැන් කියා සිටින්නේ ආර්ථික විනාශයෙන් රට ගලවා ගත හැක්කේ තමන්ට බවය.හිතු හිතූ ප්‍රමාණයෙන් විදේශය ණය ප්‍රමාණයන් අධික පොලි අනුපාතයන් යටතේ ලබාගෙන ඒවායෙන් රටේ සංවර්ධන හෝ ආයෝජන ක්‍රම සඳහා නොයොදා තමන්ගේ පුද්ගලික ධනයක් සේ පාවිච්චි කරමින් රට ආර්ථික අගාධයකට ඇද දැමූ බව ඔවුන් දැන් පිළිනොගනී.දැන් ඔවුන් හැසිරෙන්නේ ආර්ථික අර්බුදය ජනතාව විසින් ඇති කරවූවක් ලෙසයි.
රටේ ආර්ථිකය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමටත් යළි නන්වාදීමටත් තමා නායකත්වයෙන් යුතු ආණ්ඩුවකට පමණක් පුළුවන් බව රනිල් වික්‍රමසිංහ පවසා සිටින්නේ IMF ලැබෙන්නේ තමාට පමණක් බව ජනතාවට ඒත්තු ගන්වමිනි.
ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්රකාශනය නිකුත් කළ සැනින් රනිල් වික්‍රමසිංහලා ගේ ආණ්ඩුව සමාජගත කිරීමට උත්සාහ කලේ ජාතික ජන බලවේගය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ දැනට ඇති කරගෙන තිබෙන ගිවිසුමෙන් ඉවත් වීමට කටයුතු කරන්නේ යැයි ද එය නැවත රට පෝලිම යුගයකට පත්වීමට පාර කැපීමක් බවත්ය.
ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පැවසූවේ තම ගිවිසුමේ මූලික හරයන්ට පරිභාහිර කරුණු පිළිබඳව නව ජනවරමකික් බලයට පත් වන දේශපාලන අධිකාරියක් සමඟ සාකච්ඡා කිරීමට තමන් සූදානම් බවයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සිය ණය කොන්දේසි, නිර්දේශ පිළිබඳ යළි සමාලෝචන කිරීමට සූදානම් වන ප්‍රථම රට ශ්‍රී ලංකාව නොවන අතර ආජන්ටිනාව, ග්‍රීසිය, පකිස්තානය සහ යුක්රේනය මෑතකදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ණය කොන්දේසි සමාලෝචනය කළ රටවල්ය. ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ණය කොන්දේසි සමාලෝචනය කළ නොහැක්කක් නොවනු ඇත. එය ණය ලබා ගන්නා රටවලට ඇති අයිතිවාසිකමක් මෙන්ම IMF වැනි ජාත්‍යන්තර ආයතනයක වගකීමක්ද වන්නේය.
රනිල් වික්‍රමසිංහ සහ ඔහුට හේත්තු වූ රාජපක්ෂ හොර නඩය සාමාන්‍ය ජනතාවට පෙන්වා සිටින්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යනු එක්සත් ජාතික පක්ෂයේ ත් තමාගේත් උවමනාවට පමණක් ඇහුම්කන් දෙන එජාප මූලස්ථානය කියාය.එනිසා ආර්ථිකය ගොඩ ගැනීම මට විතරක් පුළුවන් මට විතරක් පුළුවන් කියමින් මේ වනවිට ජනාධිපති ඡන්ද ප්රචාරයේ යෙදෙමින් මහජනයා මුලාවට පත් කරමින් සිටි.
රටේ ආර්ථිකය මෙවැනි බංකොලොත් තත්ත්වයට පත් කිරීමට තමාද ප්‍රධාන වග යුත්තෙකු බව ජනතාවට වසන් කරමින් එජාප නායකයා රනිල් තමන්ව මෙන්ම දූෂිත රාජපක්ෂ රෙජීමයද රකිමින් සිටි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යනු රටවල් 190ක් සාමාජිකත්වය දරන ජාත්‍යන්තර ආයතනයකි. ශ්‍රී ලංකාව වසර 1950 දී මේ ආයතනයේ සාමාජිකත්වය ලබා ගෙන ඇත. මේ දක්වා දහසයවතාවක් ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ලබාගෙන තිබේ. එජාප, ශ්‍රීලනිප, ආණ්ඩු මෙන්ම 1970-75 වාමාංශික එක්සත් පෙරමුණු ආණ්ඩුව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගෙන තිබුණි.
පැන්ටසිලෝකයක ජීවත් වෙන රනිල් වික්‍රමසිංහ තමාගේ ජීවිතයේ අග භාගය බල කෑදරත්වයෙන් යුතුව රටේ පාලකයා ලෙස ගත කිරීමට සිහින මවමින් සිටි.
ජාතික දේපල කොල්ල කමෙන් දූෂණය යෙදුණු දේශපාලඥයෝ ද ඔහුට ආවඩමින් ඔහුවට හා පෙළ ගැසී සිටි.නමුත් ඔවුන්ට ජන මතයක් නොමැත.ඔවුන්ටත් රනිල්ටත් අවශ්‍ය වී ඇත්තේ තම තමන්ගේ දූෂණ වංචා වසාගෙන ඉතිරි කාලයත් රාජ්‍ය අනුග්‍රහය යටතේ පැවතීමටය. ඔවුන් “පුළුවන්” යැයි කියමින් මේ අදහස් කරන්නේ රටේ ආර්ථිකය ගොඩනැගීම ගැන නොව දූෂණයෙන් භීෂණයෙන් මර්දනයෙන් හෝ තම බලය රැකගැනීමට පුළුවන් යැයි යන සිතිවිල්ල විය යුතුය.