සජිත් ප්‍රේමදාස වෙත මන්ත්‍රීවරු සහ පක්ෂ නායකයින් දිනා ගැනීමේ දී ලබා දෙන පොරොන්දු පිළිබඳ විස්තර එකිනෙක හෙළිවීමට පටන් ගෙන තිබේ.
විශේෂයෙන් ම, රාජිත සේනාරත්න ප්‍රකාශ කර තිබෙන්නේ විපක්ෂ නායක කාර්යාලයේ දී පැය දෙකක් පමණ සජිත් ප්‍රේමදාස තමා සමඟ පෞද්ගලිකව සාකච්චා කළ බව ය. එහිදී චතුර සේනාරත්නට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයේ මුල් තිදෙනා අතරින් කෙනෙකු ලෙස පත් කර ගන්නා බවට පොරොන්දුවක් දුන් බව සඳහන් කර ඇත.
ඊට අමතරව, ඊයේ (14) සජිත් ප්‍රේමදාස සමඟ එක් වූ තිලකරත්න දිල්ශාන්ට රාජිත සේනාරත්නගේ ආසන සංවිධායක ධුරය ලබා දීමට පොරොන්දු වී ඇති බව වාර්තා වී තිබේ. එවැනි පොරොන්දු රැසක් පිළිබඳව තව දුරටත් හෙළි වෙමින් පවතී.
සටහන :-
දේශපාලකයන් දැන් දැන් ජනතාවට පමණක් නොවෙයි දේශපාලන පක්ෂවල නියෝජිතයන්ටත් පොරොන්දු දීමට පටන් අරගෙන තියෙනවා.
පොදි පිටින් මුදල් අරගෙන ගෙම්බෝ පනිනවා වගේ පැත්තෙන් පැත්තට පැනපු දේශපාලඥයෝ දැන් සල්ලි වලට විතරක් නෙමේ පොරොන්දු වලටත් තමන්ගේ පැණිලි පටන් අරගෙන.
තැනින් තැනට පනින දේශපාලඥයෝ තමන්ගේ ප්‍රතිපත්තිය ගැන සත පහකට මායිම් කරන්නේ නෑ.
තමන් නියෝජනය කරන ජනතාවගේ අදහස් ඔවුන් වෙනුවෙන් පාර්ලිමේන්තුවේ හෝ ඉන් පිටත නියෝජනය කරන්නේ නෑ.
ඔවුන් කරන්නේ තමන්ගේ මඩිය ආත්ම ගණනාවකට ඇතිවෙන්න තර කරගන්නේ කොහොමද කියලා බලන එක විතරයි.
ඒ විතරක් නෙවෙයි තමන්ගේ ගොඩ වැඩි කරගන්න ඕන හොරෙක් තක්කඩියෙක් තමන්ගේ පැත්තට එක්කහු කරගන්න බොහෝ දේශපාලන නායකයොත් කැමතියි.
මේත් ඒ වගේ වැඩක්.
ඡන්ද දායකයෝත් දැනගන්න ඕන තමන්ගේ කතිරේ වටිනාකම