එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රන්ගේ බණ්ඩාර එජාප මහලේකම් ධුරයෙන් ඉවත් කර ඇත.
පාලිත රන්ගේ බණ්ඩාර එජාප මහලේකම් ධුරයෙන් ඉවත් කිරීම පිළිබඳ ලිපියට පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ අගෝස්තු 29 දා අත්සන් තබා ඇතැයි එ.ජා.ප. පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
පාලිත රන්ගේ බණ්ඩාර මහ ලේකම් ධුරයට අදාළ රාජකාරි හරියාකාරව සිදු නොකිරීම යන චෝදනාව මුල් කර ගනිමින් පක්ෂ නායකත්වය අදාළ තීරණය ගෙන ඇතැයි දැනගන්නට ඇත.
රනිල් වික්‍රමසිංහ මීට පෙර කරු ජයසූරියටද මේ වගේම ඉරණමක් අත් කරදෙන ලදී.
මෙවර ජනාධිපතිවරණය කල් දැමීමේ අරමුණින් වත්මන් ජනාධිපති ධූර කාලය තව වසර දෙකකින් දීර්ඝ කළ යුතු බවට යෝජනාවක් ගෙන ආවේ රන්ගේ බණ්ඩාරයි.එය රන්ගේ සතු ස්වාධීන අදහසක් නොව රනිල් වික්‍රමසිංහ විසින් සැලසුම් කරන ලද්දක් බව රන්ගේ විසින් තැන තැන කතාබහ කිරීමත් මේ තීරණය ගැනීමට හේතු වූ ප්‍රධාන කරුණක් වූ බව ප්‍රසිද්ධ රහසක්.
රන්ගේ බණ්ඩාර නායකත්වයේ පදයට නටන රූකඩයකි. මහලේකම් ධූරයට වඩා නායකත්වය ට අවශ්‍ය විදිහට නටන කුක්කෙකු ලෙස සේවය කරමින් වරප්‍රසාද රැක ගැනීම වඩාත් සුදුසු බව රන්ගේ බණ්ඩාරගේ දේශපාලන භාවිතයයි.
එසේම පසුගියදා පැවති දේශපාලන කුමන්ත්රණයේ ප්‍රතිඵලයක් ලෙස සමගි ජන බලවේගයෙන් ඉවත් වූ තලතා අතුකෝරල එක්සත් ජාතික පක්ෂ මහලේකම් ධුරයට පත් කරන බවට රනිල් තලතා සමග ඇති කරගත් එකඟතාවයත් මෙයට ප්‍රධානම හේතුවක් වශයෙන් ඇත.
කෙසේ වෙතත් මේ වන තෙක් තලතා අතුකෝරළ එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබාගෙන නැත.
එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් පාලිත රන්ගේ බණ්ඩාරගෙන් විමසීමේදී ඔහු පැවැසුවේ ඒ සම්බන්ධව කිසිදු දැනුම් දීමක් තමාට මේ වන තෙක් ලැබී නැති බවයි.