ජනාධිපතිවරණ වේදිකාවේ රනිල් වික්‍රමසිංහ විසින් හොරු අල්ලන බව පැවසුවද එවැන්නක් ක්‍රියාත්මක නොකරන ලදැයි අවලාද නැගූ අගමැති දිනේෂ් ගුණවර්ධනත් දැන් එකම වේදිකාවේ සිට දෙදෙනා දෙදෙනාට සුදු හුණු ගා ගනී.
වරක රනිල් මහ බැංකුව කැඩූ හොරා කියා කියමින් රටේ ආර්ථිකය විනාශ කළා යැයි පැවසූ දිනේෂ් දැන් පවසන්නේ රනිල් ආර්ථික අර්බුදයෙන් රට බේරාගත් වීරයා ලෙසයි. ඇත්තටම ලැජ්ජ නැත්තේ කාටද ?
රනිල්ට ද? දිනේෂ්ඨද? ජනතාවට ද?
ජනතාවට අවස්ථාවක් තිබේ. සැප්තැම්බර් 21 ක් වෙනි දින මේ මජර ක්‍රමය ප්‍රතික්ෂේප කිරීම් හෝ යලි පවත්වාගෙන යාමේ තමන්ට ගන්න තිබෙන අවස්ථාව ඒ සඳහා ප්‍රයෝජනයට ගැනීමයි.
තමන්ගේ වාසියට දේශපාලන ඉතිහාසය අමතක කරන වත්මන් දේශපාලනඥයෝ ප්‍රතිපත්ති හෝ දේශපාලන දර්ශනයක් වෙනුවෙන් කටයුතු නොකරති. ඊට හොඳම උදාහරණයක් ලෙස 2018 අප්‍රේල් 04 වෙනි දින දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තුවට ගෙන ආ යෝජනාවයි. එනම් අගමැති සහ ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු ඇමති වශයෙන් රනිල් වික්‍රමසිංහ කෙරෙහි විශ්වාසය භංග වී ඇති ඇති බව පාර්ලිමේන්තුවට ගෙන ආ එම යෝජනාව තුලින් එවක හෙළිකර තිබීමයි.
එහි අඩංගු මූලික කරුණු තුනක් කෙරෙහි ජනතාව නැවත නැවත තම අවධානය යොමු කළ යුතුය.
“මෑත යුගයේ ලෝකයේ සිදු වූ දැවැත්තම මූල්‍ය වංචාව වන ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර වංචාවට ඉතා පැහැදිලි ලෙස සම්බන්ධ හෙයින් ද,“
“එකී වංචාවේ වංචනිකයන් බේරා ගැනීම සඳහා තම දේශපාලන හිතවතුන්ගෙන් සමන්විත පිටිපන කමිටුව පත් කර එකී වංචනිකයන් බේරා ගැනීමට උත්සාහ දැරූ හෙයින් ද,“
“මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳ වංචනිකයන් ආරක්ෂා කරමින් ද සැබෑ කරුණු යටපත් කරමින් ද, 2015 මාර්තු 17 වෙනි දින විශේෂ ප්‍රකාශයක් කරමින් පාර්ලිමේන්තුව නොමඟ යැවූ හෙයින් ද,“
ආදී වශයෙන් විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කර තිබිණි.
මේ ආකාරයට දිනේෂ් ගුණවර්ධන ඉදිරිපත් කළ විශ්වාභංග යෝජනාව පාර්ලිමේන්තුවේදී පරාජය කරනු ලැබීය. දැන් මේ දෙදෙනාම එකම දේශපාලන වේදිකාවක සිටිමින් හොරු අල්ලන බව ජනතාවට කියති. එදා විශ්වාස භංගයෝජනා අවස්ථාවේදී මෙන්ම අදත් හොරුන් ආරක්ෂා වී ඇත. තම දේශපාලන වාසි වෙනුවෙන් හොරා හොරා යැයි චෝදනා කරමින් ජනතාව අතර ප්‍රසාදයට පත් වී සිටි බොහෝ දේශපාලනඥයෝගේ ද දැන් නිරුවත ජනතාව ඉදිරියේ හෙළි වෙමින් එම පිරිස් ද හොරුන් ආරක්ෂා කරමින් සිටී.