රටේ දේශපාලනීකරණයට ලක් වූ අමාත්‍යාංශ සහ ආයතන අතර ඉහලින්ම කියවෙන නමක් වන්නේ විදේශ කටයුතු අමාත්‍යංශයයි. තම දේශපාලන හෙන්චයියන්ට පත්වීම් ලබා දෙමින් විශේෂයෙන්ම දූත මණ්ඩල සේවා පත්වීම් පැවති ආණ්ඩුවල ගැත්තන්ට ලබාදෙමින් පසුගිය ආණ්ඩු කිහිපයම කටයුතු කළේ රටේ අනන්‍යතාවය හෝ සුභ සිද්ධිය වෙනුවෙන් නම් නොවේ. ලක්ෂ්මන් කදිරගාමන් ඇමති වරයා හැරුණු කොට ඊට පසු පත් වූ සියලු ඇමතිවරුන් කටයුතු කළේ මෙම අමාත්‍යංශය රටේ වග කිවයුතු අමාත්‍යංශයක් වශයෙන් නොව එය තමන්ගේ පුද්ගලික බූදලයක් වශයෙනි. කරන ලද පත්වීම් වලින් විශේෂයෙන්ම රාජ්‍යතාන්ත්‍රික දූත සේවා සම්බන්ධයෙන් බෝහෝමයක් රටට යහපතක් වෙනුවෙන් නොව දේශපාලන ගැත්තන්ට පුදන ලද තුටු පඬුරු වශයෙන් සිදු කරන ලද පත්වීමය. මෙසේ පත් කරන ලද රාජ්‍යතාන්ත්‍රික තනතුරු සඳහා පත්වීම් පත්වීම් අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින්, විදේශ රටවල පවත්වාගෙන යන තානාපති කාර්යාලවලට සහ මහ කොමසාරිස් කාර්යාලවලට මැති, ඇමැතිවරුන්ගේ දූ පුතුන් සහ ඥාතීන් යොදවා තිබූ ආකාරය හෙළි වී ඇත.
ඇමෙරිකාවේ වොෂින්ටන් නුවර තානාපති කාර්යාලයේ තුන්වැනි නිලධාරියා – එස්. බී. දිසානායකගේ පුත්, තාරක දිසානායක.
ඇමෙරිකාවේ වොෂින්ටන් නුවර තානාපති කාර්යාලයේ ලිපිකාරිනිය – සුසිල් ප්‍රේමජයන්තගේ දියණිය, ඉන්දීවරී කුලරත්න.
ඇමෙරිකාවේ වොෂින්ටන් නුවර තානාපති කාර්යාලයේ මාධ්‍ය අංශයේ – රනිල් වික්‍රමසිංහගේ මාධ්‍ය නියෝජිත අශෝක ජයතුංග (‘වොෂින්ටන් වෘකයා’ යනුවෙන් ඔහු මෙරටට සතිපතා කොලමක් ලිවීය).
ලොස් ඇන්ජලීස් කොන්සල් ජෙනරල් කාර්යාලයේ නිලධාරී – මහින්ද සහ ගෝඨාභයගේ මස්සිනා (සොහොයුරියගේ ස්වාමිපුරුෂයා) වෛද්‍ය ලලිත් චන්ද්‍රදාස.
ඕස්ට්‍රේලියාවේ කැන්බරා කොන්සල් කාර්යාලයේ තුන්වැනි නිලධාරිනිය – අරුන්දික ප්‍රනාන්දුගේ බිරිඳ, ඩී. සී. ප්‍රනාන්දුපුල්ලේ.
ජපානයේ ටෝකියෝ නුවර තානාපති නිලධාරී – රනිල් වික්‍රමසිංහගේ සමීපතමයකු වන රෝලන්ඩ් පෙරේරාගේ සොහොයුරා, රොඩ්නි පෙරේරා.
ජපානයේ ටෝකියෝ නුවර තානාපති කාර්යාලයේ නිලධාරිනී – නිමල් සිරිපාල ද සිල්වාගේ ඥාති දියණිය, ඉන්දු ගුණරත්න.
ලන්ඩන් නුවර ශ්‍රී ලංකා තානාපති – වංචා, දූෂණ චෝදනා එල්ල වී තිබෙන දේශපාලනඥයකු වන රෝහිත බෝගොල්ලාගම.
ලන්ඩන් නුවර තානාපති කාර්යාලයේ තුන්වැනි නිලධාරී – සුසන්ත පුංචිනිලමේගේ පුත්, සේනිය පුංචිනිලමේ.
ප්‍රංශයේ පැරිස් නුවර තානාපති කාර්යාලයේ තුන්වැනි නිලධාරියා – හිටපු රාජ්‍ය ඇමැති, ශාන්ත බණ්ඩාරගේ පුත්, සුගත බණ්ඩාර.
ප්‍රංශයේ පැරිස් නුවර තානාපති කාර්යාලයේ නිලධාරී – දුමින්ද දිසානායකගේ සොහොයුරු, අමිල දිසානායක.
මෙලෙස හෙළිදරවු වී තිබෙන්නේ මහජන මුදලින් තානාපති වරප්‍රසාද ලබා දුන් දේශපාලනඥයන්ගේ ලැයිස්තුවේ කොටසක් පමණකි.
විදේශ කටයුතු අමාත්‍යාංශය පවත්වාගෙන ගිය එවැනි දූෂිත අතීතයක් හමාර කොට එම අමාත්‍යාංශයෙන් රටේ ඉදිරි ගමනට ලබාදිය යුතු විශිෂ්ට සේවාවක් වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍යාංශයේ සේවයේ නියුතු සේවයට හිතැති නිලධාරීහු අභිනව අමාත්‍යවරයා වූ විජිත හේරත් අමාත්‍යවරයාගේ අවධානය යොමු කරමින් විශේෂ ඉල්ලීමක් මෙසේ ලිඛිතව ඉදිරිපත් කොට ඇත.
රාජ්‍ය සේවයේ දූෂණ වංචා පිළිබඳ අවධානය යොමු කර නිසි ක්‍රමවේදයකට අනුව ගෙන යන වැඩපිළිවෙළක් යටතේ දූෂිත නිලධාරින් කෙරෙහි අවශ්‍ය කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරමු යැයි වැඩිදුරටත් අවධාරණය කොට පහත කරුණු ඉදිරිපත් කොට ඇත.
එනම්,
⋆ විදේශ කටයුතු අමාත්‍යාංශයේ අමාත්‍ය අලි අබ්රි මහතා විසින් පත්කර සිටි කාර්ය මණ්ඩලයේ ඇතැම් අය කිසිදු දිනක අමාත්‍යාංශයේ රාජකාරි ඉටු නොකළ ඉහළ වැටුප් ලබා ගත් අය වේ. ඒ පිළිබඳව සොයා බලන්න.
⋆ ඔහු විසින් තානාපති කාර්යාල වල ඉහළ තනතුරු, විශාල වැටුප්, වරප්‍රසාද සහිතව පත් කර ඇති පුද්ගලයන් පිළිබඳව සොයා බලන්න.
⋆ රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා ගේ වැටුප් ලබා ගත් පෞද්ගලික කාර්ය මණ්ඩලය පිළිබඳව සොයා බලන්න.
⋆ විදේශ ලේකම් ලෙස නැවත පත්කළ අරුණි විජේවර්ධන මහත්මිය ගේ කාර්යමණ්ඩලයේ සිටින මැක්ස්වෙල් කීගල් නැමති වංචනික පුද්ගලයා පිළිබඳ සොයා බලන්න.
⋆ ඔහු මෙතෙක් ලබාගත් වැටුප් සහ විදේශ සංචාර පවා නීතිවිරෝධී වන අතර ඒවා රජයට අය කර ගැනීමට කටයුතු කරන්න.
⋆ අරුණි විජේවර්ධන මහත්මිය ගේ කාර්ය මණ්ඩලයට දී ඇති විදේශ දූත මණ්ඩල වල තනතුරු පිළිබඳව සොයා බලන්න.
⋆ විදේශ දූත මණ්ඩල කළමනාකරණ අංශයේ අධ්යක්ෂ ජනරාල් ප්‍රසන්න ගමගේ පශ්චාත් උපාධිය සම්පූර්ණ කිරීමට පෙර විශේෂ ශ්‍රේණියේ තනතුරු සඳහා අයදුම් කළ ආකාරය පිළිබඳව සොයා බලන්න.
⋆ ඔහුගේ හිතවත් අයට ඔහුගේ අංශයේ අයට සම්මුඛ පරික්ෂණ නොපවත්වා විදේශ දූත මණ්ඩල වල තනතුරු ලබා දුන් ආකාරය පිළිබඳව සොයා බලන්න.
⋆ විදේශ දූත මණ්ඩල කළමනාකරණ අංශයේ සිටින අවුරුදු 5 ඉක්මවූ ස්ථාන මාරු නොලබන යලි යළිත් විදේශ දූත මණ්ඩල වල තනතුරු ලබන නිලධාරින් පිළිබඳව සොයා බලන්න.
⋆ ආයතන අංශයේ එක විෂයකට එක් නිලධාරියකු බැඟින් සිටින නමුත් ගොඩගැසුණු සහ පමා වුණු කටයුතු පිළිබඳව සොයා බලන්න.
⋆ අමාත්‍යාංශයේ පසුගිය වසර වල සේවකයන් ලබාගත් නිවාඩු පිළිබඳව සොයා බලන්න.
⋆ නීති අංශයේ නිලධාරින් ගේ කාර්යභාරය සහ තනතුරු පුරප්පාඩු පිළිබඳව සොයා බලන්න.
⋆ සන්ධාන අංශයේ වරප්‍රසාද වලට මුවා වී සිදු කරන වංචා අවභාවිත පිළිබඳව සොයා බලන්න.
⋆ සියලුම අංශ වල නිලධාරින් ගේ රාජකාරි කටයුතු පිළිබඳව වෙන් වෙන්ව සොයා බලන්න.
⋆ ප්‍රවාහන අංශයේ වාහන යෙදවීම සහ එම අංශයේ රාජකාරි කරන අය වාහන පහසුකම් ලබා ගැනීම පිළිබඳව සොයා බලන්න.
⋆ විදේශ සේවයේ නිලධාරින් හට කාර්යාලයට පැමිණීම සඳහා ප්‍රවාහන පහසුකම් ලබා දීම සම්බන්ධයෙන් සොයා බලන්න.
⋆ කන්සියුලර් අංශය ආයතන අංශය ගිණුම් අංශය සෙලින්කෝ ගොඩනැගිල්ලේ පවත්වාගෙන යමින් ගෙවන ලද විශාල කුලී මුදල් පිළිබඳව සොයා බලන්න.
⋆ විදේශ සේවයේ නිලධාරින් ගේ පත්වීම් ක්‍රමවේදය පිළිබඳව සොයා බලන්න.
⋆ මජින්ත ජයසිංහ වැනි සුදුසුකම් නොමැති අය සේවයේ රැඳී සිටින ආකාරය මෙන්ම අනෙක් නිලධාරින් හට නොමැති වරප්‍රසාදයක් ලෙස නිතරම විදේශ දූත මණ්ඩලයක පත්වීම් ලැබෙන ආකාරය සොයා බලන්න.
⋆ මල්ලිකා වෙනිංගර් වැනි අකාර්යක්ෂම නිලධාරින් පිළිබඳව සොයා බලන්න.
⋆ මනීෂා ගුණසේකර, හසන්ති ඌරුගොඩවත්ත වැනි අමානුෂික නිලධාරින් පිළිබඳව සොයා බලන්න.
⋆ විදේශ සේවයෙන් විශ්‍රාම ගොස් නැවතත් පත්වීම් ලබා සිටින නිලධාරින් පිළිබඳව සොයා බලන්න.
⋆ සරෝජා සිරිසේන පිළිබඳව පුවත්පත් වල පවා පළවූ වංචා පිළිබඳ සොයා බලන්න.
⋆සේසත් තාඹුගල, මනෝරි මල්ලිකාරච්චි වැනි නිලධාරින් පිළිබඳව සොයා බලන්න.
⋆ විදේශ තානාපති කාර්යාල වල එක් එක් නිලධාරින් ගේ කටයුතු පිළිබඳව සොයා බලන්න.
⋆ එක් එක් නිලධාරින් ලබා ගන්නා වැටුප් සහ එම වැටුප් විෂමතා, වැටුප් ලබා දෙන රටවල් වල මුදල් ඒකක පිළිබඳව සොයා බලන්න.
⋆ ලන්ඩන් හි අරුණ ප්‍රනාන්දු ගේ වංචා පිළිබඳ සොයා බලන්න.
⋆ විදේශ දූත මණ්ඩල සේවයට විභාගයකින් සමත් වී පත්වීම් ලබාගත් නමුත් නිසි පුහුණුවක් නොමැති වීම නිසා රාජකාරි කටයුතු නිසියාකාරව ඉටු නොකරන ඇටෑචේ සහ ගිණුම් ලිපිකරු තනතුරු වල නිලධාරින් පිළිබඳව සොයා බලන්න.
⋆ තානාපතිවරුන් ගේ පෞද්ගලික සහකාර ලෙස විශාල වරප්‍රසාද සහිතව පත්වීම් ලබා ගන්නා නිලධාරින් ගේ කාර්යක්ෂමතාව පිළිබඳව සොයා බලන්න.
⋆ සම්මුඛ පරීක්ෂණ නොපවත්වා සංවර්ධන නිලධාරීන් සඳහා විභාග ක්‍රමයක් යටතේ විදේශ දූත මණ්ඩල වල පත්වීම් ලබා දීම පිළිබඳව සොයා බලන්න.
⋆ සංවර්ධන නිලධාරීන් ගේ සේවයේ සුළු පිරිසකට පමණක් ලැබී ඇති සන්ධාන නිලධාරි, කන්සියුලර් නිලධාරි වැනි අභ්‍යන්තර අනුයුක්ත කිරීම් පිළිබඳව සොයා බලන්න.
⋆ කාර්යාල සේවකයන් ගේ සහ රියදුරන් ගේ පත්වීම් ලබා දීමේදී සිදුව ඇති වංචා පිළිබඳ සොයා බලන්න.
⋆ නිලධාරින් ගේ හිතවත් කම් මත සේවා කාලය නොසලකා පත්වීම් ලබා දීම නවත්වා ලන්න.
⋆ විදේශ කටයුතු අමාත්‍යාංශයේ උත්සව පවත්වා වියදම් කළ මුදල් පිළිබඳව සොයා බලන්න.
⋆ ඉහළ නිලධාරින් ගේ විදේශ සංචාර වල ගමනාන්ත සහ වියදම් සොයා බලන්න.
⋆ සංචාර වලදී වියදම් කිරීමට ලබාදෙන මුදල් නියාමනය කරන්න.වියදම් වාර්තා ලබා ගන්න.
⋆ පුහුණු වැඩසටහන් වලට සහභාගි වීමෙන් පසු එම නිලධාරින් ගෙන් අමාත්‍යාංශය ලබන ප්රතිලාභ පිළිබඳව සොයා බලන්න.
⋆ විදේශ දූත මණ්ඩල වල සියලු නිලධාරින් ගේ නේවාසික පහසුකම් සඳහා ගෙවනු ලබන මුදල්, කන්ටේනර් පහසුකම්, පවුල් නඩත්තුව, වෛද්‍ය පහසුකම් සහ දරුවන් ගේ අධ්‍යාපන කටයුතු වියදම් පිළිබඳව සොයා බලන්න.
⋆ කොන්සියුලර් අංශයේ ප්‍රාදේශීය කාර්යාල පිළිබඳව සොයා බලන්න.
⋆ විදේශ අමාත්‍යාංශය යටතේ ඇති අනෙක් ආයතන BIDTI, LKI, NOAC, IORA වල කාර්යභාරය පිළිබඳව සොයා බලන්න.
⋆ අමාත්‍යාංශයේ අංශ වල රාජකාරි කිරීමට ඇති පහසුකම් හා නඩත්තු කටයුතු පිළිබඳව සොයා බලන්න.
කාලයක් තිස්සේ පැලැස්තර ගසමින්, බාහිර සමාජයට සුදු හුණු ගාමින් පවත්වා ගෙන යනු ලබන විදේශ කටයුතු අමාත්‍යාංශයේ සෑම අංශයකම වංචනික ක්‍රියා මින් පසු නවතිනු ඇතැයි අපේක්ෂා කරමු.